ශ්‍රි ලංකා රජයේ බිහි දොරෙහි මාර්ගෝපදේශක සේවාවට සාදරයෙන් පිළිගනිමු !
වෙබ් අඩවියෙහි සාමාජිකත්වය ලබා ගැනීමට ලියාපදිංචි වන්නේ කෙසේද?
ලියාපදිංචි සාමාජිකයකු අලුතින් සේවාවක් එකතු කරන්නේ හෝ ඇතුලත් කල සේවාවක් ඉවත් කරන්නේ කෙසේද?
තේමාවක් සහ පිරිසැලසුමක් වෙනස් කරන්නේ කෙසේද?
ලියාපදිංචි පරිශීලකයකු සේවාවක් ශ්‍රේණි ගත කරන්නේ කෙසේද?
මුරපදය අමතකද? නැවත සකස් කරන්නේ කෙසේද?
ඔබේ මුරපදය වෙනස් කරන්නේ කෙසේද?
මෙම ලේඛනයෙහි මූලික අරමුණ වනුයේ ශ්‍රි ලංකා රජයේ වෙබ් අඩවියෙහි අන්තර්ගත මූලික උපාංග සහ එමගින් සිදුකර ගත හැකි මූලික ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයක් ලබා දීමයි.මෙම ලේඛනයෙහි ශ්‍රි ලංකා රජයේ වෙබ් අඩවිය මගින් සිදුකර ගත හැකි මූලික ක්‍රියාකාරකම් පියවරෙන් පියවර විස්තර කර ඇත.
මෙම උපකාරක ලේඛනය මගින් ඔබට ශ්‍රි ලංකා රජයේ වෙබ් අඩවියෙහි ඔබේම අඩවියක් ගොඩනැගීමට හා අඩංගු වැදගත් කාර්යයන් අවබෝධ කර ගැනීමට ඉතා පහසු ආකාරයෙන් දක්වා ඇත.
ඔබ මෙම වෙබ් අඩවියට පිවිසි විගසම දිස්වන්නේ මෙම ආරම්භක පිටුවයි

ඔබට අවශ්‍ය භාෂාව තෝරා ඇතුලුවන්න.
පහත දිස්වන කොටසෙහි ඇති "ගිණුමක් තනන්න" මත ක්ලික් කිරීම මගින් ඔබට ශ්‍රි ලංකා රජයේ වෙබ් අඩවියෙහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ලියා පදිංචි විය හැක.

ඔබව ගිණුමක් සෑදීමට අවශ්‍යය තොරතුරු සැපයිය යුතු පිටුවට රැගෙන යයි.

අදාල තොරතුරු සැපයීමෙන් පසු "සුරකින්න" මත ක්ලික් කරන්න.
ඔබ මෙම වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමෙන් පසු ඕනෑම අවස්ථාවක "පුරන්න" මත ක්ලික් කිරීම මගින් මෙම වෙබ් අඩවිය ඔබට අවශ්‍ය පරිදි පරිශීලනය කල හැක.

මේ සඳහා ඔබට පිටුවෙහි ඉහල ඇති සිරස්තල සහිත කොටසෙහි ඇති "පුරන්න" හෝ පහත දක්වා ඇති ""පුරන්න" කොටස භාවිතා කල හැක.

ඔබට අවශ්‍ය අවකාශයට අලුතින් සේවාවක් එකතු කිරීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න:
ඔබගේ ලියාපදිංචි නම සහ මුර පදය ඇතුලත් කර වෙබ් අඩවියට නිල වශයෙන් ඇතුල් වීමෙන් පසු "සේවා එක් කිරීම" බොත්තම පිටුවෙහි ඉහල වම් කෙලවරෙහි දිස්වනු ඇත.
ඔබ "සේවා එක් කිරීම" මත ක්ලික් කල විට තිරයෙහි වම් පසෙහි සේවා එක් කිරීමේ කවුළුව දිස්වනු ඇත. ඔබට අවශ්‍ය ඕනෑම සේවාවක් සපයා ඇති ලැයිස්තුවෙන්තෝරා ගැනීමේ හැකියාව ඇත.
පහත දක්වා ඇති සෙවුම් ආදාන කොටුවෙහි සේවා නාමය ඇතුල් කිරීමෙන් ඔබට අවශ්‍ය සේවාව සෙවීමට පුළුවන.

අවශ්‍ය සේවාව තෝරා ගැනීමෙන් පසු , එම සේවාව පිටුවෙහි අවශ්‍ය සථානයට ඇද දැමීම හෝ "එක් කරන්න" ක්ලක් කිරීම කල හැක.
සේවාවක් ඉවත් කිරීම සඳහා
මත ක්ලික් කරන්න

තේමාවක් ඔබ කැමති තේමාවකට වෙනස් කිරීම සඳහා ඔබගේ ලියාපදිංචි නම සහ මුර පදය ඇතුලත් කර වෙබ් අඩවියට නිල වශයෙන් ඇතුලත් විය යුතුය.
"පරිසරය පාලනය කිරීම" ක්ලික් කරන්න."පරිසරය පාලනය කිරීම" ක්‍රියාවලියෙහි ආකර තුනක් ඇත. තේමාවක් ඔබ කැමති තේමාවකට වෙනස් කිරීම සඳහා "පිටු පාලනය" විකල්පය ලැයිස්තුවෙන් තෝරා ගන්න.


සම්පුර්ණ පිටුවෙහි තේමාව වෙනස් කිරීමට දකින්න සහ අත්විඳින්න පටිත්ත මත ක්ලික් කරන්න.

තේමාවක් තෝරා ගෙන "සම්පූර්ණ පිටුවට ආපසු යෑම" සබැඳිය මත ක්ලික් කරන්න.
මෙහිදී තේමාව, ඔබ තෝරා ගත් තේමාවට වෙනස් වී ඇති අයුරු දැක ගත හැක. කොටසක පමණක් තේමාව - වෙනස් කිරීම සඳහා තේමාව වෙනස් කල යුතු කොටසෙහි "දකින්න සහ අත්විඳින්න" පටිත්තට යන්න

"සම්පූර්ණ පිටුවට ආපසු යන්න" සබැඳිය මත ක්ලික් කරන්න.

එම සේවාව සඳහා ශ්‍රේණි ගත කිරීමේ පහසුකම සපයා දී ඇති නම් ,ශ්‍රේණි ගත කිරීමේ තරු ලකුණු පහල කෙලවරෙහි දැක ගත හැකි වනු ඇත.

වැඩි ශ්‍රේණියක් ලබා දීම සඳහා හිස් තරුවක් මත ක්ලික් කරන්න. . මෙවිට එම තරුව වර්ණ ගැන්වෙනු ඇත. අඩු ශ්‍රේණියක් ලබා දීම සඳහා අවසානයට වර්ණ ගැන්වී ඇති තරුවට පෙර තරුව මත ක්ලික් කරන්න.

එම සේවාව සඳහා පහත දිස්වන කොටසෙහි ඇති " මුරපදය අමතකයි? " මත ක්ලික් කිරීම මගින් ඔබට

අදාල තොරතුරු සැපයීමෙන් පසු " අලුත් මුරපදයක් යැවීම" මත ක්ලික් කරන්න.

ඔබේ නව මුරපදය ඔබ සැපයු ඉ-තැපැල් ලිපිනයට ලැබෙනු ඇත.
ඔබගේ ලියාපදිංචි නම සහ මුර පදය ඇතුල් කර වෙබ් අඩවියට නිල වශයෙන් ඇතුල් වීමෙන් පසු ‘මාගේ ගිණුම’ ක්ලික් කරන්න.

මුරපදය ක්ලික් කරන්න.

එහිදී ඔබගේ අලුත් මුරපදය ඇතුල් කිරීමෙන් පසු සුරකින්න.

ඔබට දැන් නව මුරපදය භාවිතා කළ හැකිය.
ප්‍රකාශන හිමිකම් © 2009 ICTA >> ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය. සියලු හිමිකම් ඇවිරිණි.